
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු ඇඟවීම් කරන, බී.1.617 යන නමින් හැඳින්වෙන ඉන්දියාවේ දෙමුහුන් විකෘති කොරෝනා වයිරස ප්‍රභේදය, මේ වනවිට රටවල් 17 කට ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, සිංගප්පූරුව, පමණක් නොව, ඉන්දියාවේ අසල්වැසියන් වන අප ශ්‍රී ලංකාවෙන්, බංග්ලාදේශයෙන් සහ නේපාලයෙන් ද මෙම බී.1.617 වයිරස විකෘතිය හමුවී ඇත.
අප ශ්‍රී ලංකාවේ බී.1.617 වයිරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටි ඉන්දියාවේ සිට පැමිණි තැනැත්තකුටය. මෙම තැනැත්තා ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ නිරෝධායන මධ්‍යස්ථානයේදීය.
බංග්ලාදේශ සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ එරටින් ඉන්දියාවේ බී.1.617 වයිරසය විකෘතිය ආසාදනය වූ ආසාදිතයන් 6 දෙනකු හඳුනා ගෙන ඇති බවය. බංග්ලාදේශ සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ එරට සමාජයේ බී.1.617 ප්‍රභේදය පැතිරෙමින් පවතින බවටය.
නේපාල සෞඛ්‍ය අංශ පවසන්නේ, බී.1.617 ප්‍රභේදය මේ වනවිටත් එරට සමාජගත වී ඇති බවටය. මේ වනවිට දිනපතා නේපාලයෙන් ආසාදිතයන් 8,000 ත් 9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ.
නේපාලය තවත් ඉන්දියාවක් වී, මළසිරුරු ගොඩගැසීමට පටන් ගන්නා දිනය වැඩි ඈතක නොවේ යැයි නේපාල සෞඛ්‍ය අංශ බිය පළ කරයි.
දිනෙන් දින නේපාලයේ කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වෙද්දී, විදෙස් ආධාර ඉල්ලා සිටීමට ද නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඉකුත් සති අන්තයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් සියයට 44 ක් ම කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද පැවැසෙයි.
නේපාලයේ ජනගහනය මිලියන 30 ක් වන අතර, නේපාල එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දී ඇත්තේ මිලියන 2.4 කට පමණි. එයින් ද එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් බව ද පැවැසෙයි.
NDTV