ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතත් ගෙන්වනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 27, 2021

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතත් ගෙන්වනවා

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ කරන බව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙම කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමෙරිකා රජය සහ නිෂ්පාදකයින් සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද තානාපති ආර්යසිංහ මහතා වැඩිදුරටත් කීවේය. 

ඇමෙරිකාව තුළ අවසර ලත් එන්නත් බෙදාහදා ගන්නා බවට ඇමෙරිකා රජය ඉකුත් 17 වැනිදා නිවේදනය කිරීමෙන් පසුව, හ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙලෙස මැදිහත්වී කටයුතු කරන බවද හෙතෙම කීය. මෙම එන්නත් මිලදී ගැනීම සඳහා අවස්ථාව සැලසීමේ අරමුණෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙරට රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඉන්දියාවේ තිබෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කලාපීය කළමනාකරු අතර සාකච්ඡා සඳහා පහසුකම් සපයා ඇතැයි ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටී. 

ශ්‍රී ලංකා තානාපති වරයා මේ බව කියා සිටියේ එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දරන උත්සාහයන් පිළිබඳ අදහස් දක්වමිනි. 

මේ අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ දී ඇති වන හදිසි අවශ්‍යතාවයන් හමුවේ, අවශ්‍ය කරන සහන භාණ්ඩ සහ ආධාර ලබා දෙන්නැයි තමා ඇමෙරිකාවේ සිටින ලාංකිකයින් ගෙන් සහ ශ්‍රී ලංකාවට සහාය දක්වන්නන් ගෙන් ඉල්ලා සිටින බවද තානාපතිවරයා කියා සිටියේය. 

 වෙන්ටිලේටර් උපකරණ, ඔක්සිජන් සාන්ද්‍රක, ඉහළ ප්‍රවාහ ඔක්සිජන් ඒකක, බහු පරාමිති මොනිටර, එන් 95 මුහුණු ආවරණ ඇතුළු පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ට භාවිතා කළ හැකි ටෙලිමෙඩිසින් වේදිකා යනාදි උපකරණ වල ක්ෂණික අවශ්‍යතා ඇති බවද ‌ෙහතෙම එම ලාංකික ප්‍රජාවට දැනුම් දී ඇත. 

ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතාවය සම්බන්ධයෙන් අප්‍රේල් මස අග දී එක්සත් ජනපද රජය විසින් යහපත් ප්‍රතිචාරයක් ලබා දී ඇති නමුත්, මෙම එන්නත අවශ්‍ය සියලුම රටවලට මුදා හැරීමට පෙර එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් එය භාවිතා කිරීම සඳහා අවසර ලබා දිය යුතු බවට එරට රජයේ තීරණය වී ඇතැයිද තානාපති රවිනාථ ආර්යසිංහ මහතා වැඩිදුරටත් කීය.

Classified_Ad

Classified_Ad_News_Bottom