
ජාත්‍යන්තර කම්කරු දිනය අද
ජාත්‍යන්තර කම්කරු දිනය අදට (1) යෙදී ඇත.
1886 මැයි පළමු වැනිදා, අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට පැය 8ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින්, විරෝධතාවක නිරත වූ අතර දින කිහිපයක් පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
එහිදි කම්කරුවන් බොහෝ දෙනකු මියගිය අතර තවත් බොහෝ දෙනකු අත්අඩංගුවට පත්වුණැයි පැවැසෙයි.
මැයි පළමු වැනිදා දිනයක කම්කරුවන්ගේ එදා කළ එම අරගලය ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට 1889 වසරේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය පියවර ගත් අතර එදින සිට මැයි මස පළමු වැනි දින ලොව සෑම රටක්ම ලෝක කම්කරු දිනය සමරයි.
ලොව සෑම රටකම එම දිනය සිහිකරමින් පෙළපාලි, රැලි සහ උත්සව කටයුතු සංවිධානය කිරීම් සිදු කෙරේ. කෙසේ නමුත් මෙවර 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් අප රටේ පමණක් නොව වෙනත් රටවල් රැසක මැයි දින රැළි අවලංගු කර ඇත.