

වඳවී ගිය සතුන්ට යළි පණ දීමට උත්සාහ ගන්නා ඇමෙරිකන් ජාන පර්යේෂණ ආයතනයක් වන කොලෝසල් බයෝ සයන්ස්, වඳ වී ගිය බ්ලූ බක් නමැති අප්‍රිකානු නිල් ඇන්ටිලොප් ගෝනාට ද පණ දීමට සුදානම් වෙයි.
මේ ඇන්ටිලොපයා මිහිමතින් තුරන් වූයේ මීට අවුරුදු 200 කට පෙරය.
බ්ලූ බක්, බ්ලූ ඇන්ටිලොප් යන නමින් ද හැඳින්වෙයි. ඒ, මොවුන්ගේ සමේ පැහැය තද අලු සහ කළු මිශ්‍ර නිල් පැහැයක් ගැනීම නිසාය.
මෙම ඇන්ටිලොපයෝ අතීතයේ, දකුණු අප්‍රිකාවේ සවානා තණ බිම් ආශ්‍රිතව ජීවත් වූහ. ඇස් අසල ඇති සුදු පැහැය, දිග වක ගැසුණු අං මෙම සත්වයාට ආවේණික සුවිශේෂ ලක්ෂණ බව පැවැසෙයි.
පර්යේෂකයන්, බ්ලූ බක් ට පණ දෙන්න උත්සාහ ගන්නේ, කෞතුකාගාරයක ඇති බ්ලූ බක් ඇන්ටිලොපයකුගේ අස්ථිවලින් ලබා ගත් ඩී.එන්.ඒ. සාම්පල, ජාන සංස්කරණය කිරීමෙනි.
බ්ලූ බක් ඇන්ටිලොපයන්ගේ සමීපතමයන් ලෙස සැලකෙන්නේ රෝන් ඇන්ටිලොප් නමැති ඇන්ටිලොප්ය.
මොවුන් අප්‍රිකාවේ දකින්න ලැබේ.
ඒ අනුව, ජාන සංස්කරණයෙන් සකස් කරන ලද කලලයක්, රෝන් ඇන්ටිලොප් ගෝනකුගේ ගර්භාෂයේ තැන්පත් කර, කලලය වර්ධනය කර බ්ලූ බක් ඇන්ටිලොප් පැටවකු බිහි කර ගැනීම ඉදිරියේ දී සිදුවනු ඇත.
Brain Maze ඇසුරිනි