පළමු තරගය බංග්ලාදේශ පිළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 24, 2021

පළමු තරගය බංග්ලාදේශ පිළට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. 

තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු ගණන 257කි. තරගය ඩකා අගනුවර පැවැත්විණි.

බංග්ලාදේශයේ පළමු කඩුලු 4 ලකුණු 99 කදී බිද වැටුණු අතර 5 වන කඩුල්ල සඳහා මහමුදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් එක්ව ලකුණු 109 සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණි. එහිදී මුෂ්ෆිකුර් රහීම් ලකුනු 84ක් සහ මහ්මුදුල්ලා ලකුණු 54ක් රැස් කළේය. 

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 45කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණි. ජයග්‍රහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හඹාගිය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224කට සියුලු දෙනාම දැවී ගියේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග නොදැවී ලකුණු 74 රැස් කළේය. පන්දු යැවීමේදී මෙහිඩි හසන් මිරාස් ලකුණු 30කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ESPN

Classified_Ad

Classified_Ad_News_Bottom