සංචරණ සීමා ලබන ජූනි 7 දක්වා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 24, 2021

සංචරණ සීමා ලබන ජූනි 7 දක්වා

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 

එසේ වසා දමා ඇති කාලය තුළ දින තුනක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට රජය පියවරගෙන ඇත. 

ඒ අනුව හෙට 25 අලුයම 4.00 සිට පස්වරු 11.00 තෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සංචරණ සීමා ලිහිල් කිරීමට කටයුතු යොදා ඇත. 

නැවත හෙට රාත්‍රී 11.00 සංචරණ සිමා පනවන අතර එය 31 වැනි දා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචණ සීම නැවත ලිහිල් කරන අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙයි.

ජුනි 4 වැනි දා ද ඒ ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට පමණක් සංචරණ සීමා ලිහිල් කරන බව ද රජය කියයි. 

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට ළඟම ඇති නගරයට හෝ ගමේ කඩයට යාමට අවස්ථාව ලබා දී ඇති බවත් රථවාහනවලින් ගමන් බිමන් යාමට අවස්ථාව ලබා නොදෙන බව ද රජය නිවේදනය කරයි. 

මේ දිනවල සංචරණ සීමා ඉවත් නොකරන බවත් එය යම් තරමක ලිහිල් කිරීමක් පමණක් සිදු කරන බව යුද හමුදාපතිවරයා සඳහා කරයි.

Classified_Ad

Classified_Ad_News_Bottom