
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය අන්තර් ජාලය ඔස්සේ සංවිධානය කළ අවුරුදු 16 න් පහළ බාලිකා රැපිඩ් චෙස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේ එසඳි නෙවන්සා සමත් වූවාය.
තරගාවලිය අවසානයේ ක්‍රීඩිකාවන් සිවු දෙනෙක් ලකුණු 6 බැගින් ලබා සම තත්වයේ පසු වුවද, සම ලකුණු බිඳ දැමීමේ නීතියට අනුව නෙවන්සා ශූරතාවට හිමිකම් කීවාය.
තරඟාවලිය පුරා කැපී පෙනෙන දස්කම් දැක්වූ නෙවන්සා පළමු දිනයේදී ඇය ලකුණු 4 ක් ලබා ගත් අතර දෙවැනි දිනයේදී ලකුණු 2 ක් ලබාගත්තාය.
කාන්තා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වන අශ්විනි පවලචන්ද්‍රන් සහ දෙසදි ගමගේ නෙවන්සා හමුවේ පරාජයට පත්වූහ. නෙවන්සා පරාජයට වූයේ තරුෂි සන්දීපනිට එරෙහිව පැවති තරගයේදී පමණි.
ජේ.එම්.සී. ජාත්‍යන්තර විද්‍යාලයේ පියුමි අමරතුංග තරගාවලියේ අනු ශූරතාව හිමිකරගැනීමට සමත් වූ අතර, පළමු දිනයේ සියලුම තරග ජයගත් පියුමි, දෙවැනි දිනයේදී දෙසදි ගමගේ හමුවේ පරාජය වූ නමුත් එච්.එම්.එම්.ඩී. හේරත් සහ අශ්වින් පවලචන්ද්‍රන් පරාජය කරමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වූවාය.
ලකුණු 6 බැගින් ලබා සිටියද සම ලකුණු බිඳ දැමීමේ නීතියට අනුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දෙසදි ගමගේ තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වූ අතර දේවි බාලිකා විද්‍යාලයේ තරුෂි සන්දීපනිට සිව්වැනි ස්ථාය හිමිවිය.
තරගාවලියේ ශූරියට කුසලානය, රන් පදක්කම සහ සහතිකය පිරිනමන ලද අතර අනු ශූරතාවය සහ තෙවැනි ස්ථානය සඳහා පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් සමඟ සහතික පත් පිරිනැමීම සිදුවිය. සී.එෆ්.එස්.එල්. නීතිය යටතේ සෙසු තරග කරුවන්ට සහතික පිරිනැමිණ.