ධවල මන්දිරයේ වෙසක් සැමරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 29, 2021

ධවල මන්දිරයේ වෙසක් සැමරේ

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහෙය දා ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ද වෙසක් සැමරුමක් පැවැත්විණි. ධවල මන්දිරයේ මෙසේ වෙසක් සැමරුමක් සිදුවූයේ ඇමරිකානු ඉතිහාසයේ පළමු වරටටය. 

ථේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන යන බෞද්ධ නිකායේ හිමිවරුන් ගේ සහභාගිත්වයෙන් සැමරුම පැවැත්විණි. ඒ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, උප ජනාධිපතිනි කමලා හැරිස් ඇතුළු ධවල මන්දිරයේ නිලධාරීහු රැසකගේ මැදිහත්වීම යටතේය.

ධවල මන්දිර නිලධාරී, ඩග්ලස් එම්හෝෆ් සහ එම අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේ පහන් දැල්වීම සිදු කළ අතර‍, ඩග්ලස් එම්හෝෆ් විසින්, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට වෙසක් දින පණිවුඩය ප්‍රකාශයට පත් කළේය.

එම අවස්ථාවේදී ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ, ප්‍රධාන බෞද්ධ උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය ලෝක ජනතාවට සිහිපත් කෙරුණි. 

ඇමරිකානු රජය මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පැවැත්වීම ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රජය, ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බව උත්සවයේ දී අදහස් දැක්වූ අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපානෝ පෙන්වා දුන්හ.

Classified_Ad

Classified_Ad_News_Bottom