තනි මාත්‍රාවේ ස්පුට්නික් එන්නතට අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 16, 2021

තනි මාත්‍රාවේ ස්පුට්නික් එන්නතට අනුමැතිය

රුසියාව නිපදවා ඇති තනි මාත්‍රාවේ 'ස්පුට්නික් 5' ප්‍රතිශක්තිකරණ එන්නතට වෙනිසියුලාව අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ඉදිරියේ දී වෙනිසියුලානු වැසියන්ට 'ස්පුට්නික් 5 ලයිට්' යන නමින් හැඳින්වෙන මෙම එන්නත හිමිවනු ඇත. 

'ස්පුට්නික් 5' එන්නත් නිපදවීම සිදු කරන්නේ රුසියානු රජයට අයත් ගැමලේයා වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. ලොවට පළමුවෙන් ම හඳුන්වා දුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේත්, පළමුවෙන් ලියාපදිංචි කළ එන්නත වන්නේත් මෙයයි. 

'ස්පුට්නික් 5' එන්නත නිපදවීම කළේ මාත්‍රා දෙකක් ලෙසය. 'ස්පුට්නික් 5' එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් ලැබී නැතත්, ලොව රටවල් ගණනාවක් මෙම එන්නත භාවිතයට ගැනීම සිදුවෙයි. ඒ, එම රටවල සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනුවය.

ගැමලේයා විද්‍යාඥයන්, මාත්‍රා දෙකේ 'ස්පුට්නික් 5' එන්නත ප්‍රචලිත වෙද්දී, එය තනි මාත්‍රාවක් ලෙස නිපදවා ඇත්තේ 'ස්පුට්නික් 5 ලයිට්' යන නමිනි.

'ස්පුට්නික් 5 ලයිට්' එන්නත භාවිතය සඳහා පළමුවෙන් අනුමැතිය ලබා දීම කළ රට වන්නේ ද වෙනිසියුලාවය.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom