ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම සිදුවන බවත්, අද (16) වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 140 කි. එයින් 41 දෙනකු කුඩා දරුවන් යැයි පැවැසෙයි.
ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කර ඇති නමුත්, අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, තම රටේ ආරක්ෂාව සහතික වනතුරු ප්‍රහාර නවත්වන්නේ නැති බවය.
මේ අතර ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ අල් ජසීරා පුවත් කාර්යාල පවා සම්පූර්ණයෙන් විනාශ වී ගිය බව ද වාර්තා වේ. ඊට අමතරව, හමාස් සටන්කාමීන්ගේ කඳවුරක් යැයි පවසමින් පලස්තීන සරණාගත කඳවුරකට ද ඊශ්‍රායලය බෝම්බ හෙලා ඇත.
අල් ජසීරා