Express Pearl නැවේ පිපිරීමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 25, 2021

Express Pearl නැවේ පිපිරීමක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ පිපිරීමක් සිදුවුණු බවත් එම පිපිරීම සමඟ නෞකාවේ බහාලුම් 8ක් මුහුදට වැටී ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් 25 දෙනෙකු ශ්‍රී ලංකා නාවින හමුදාව විසින් බේරාගෙන ඇති බව ද වාර්තා වේ. එම පිරිස අතරින් තුවාල ලබා සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු රෝහල්ගත කළ බවද නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටී.

ගුවන් හමුදාව පවසා ඇත්තේ නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය හෙළීමට කටයුතු කරන බවය.

මේ අතර, කොළඹ වරායට නුදුරෙන්, මුහුදේ ගිනි ගනිමින් පවතින 'එක්ස්ප්‍රස් පර්ල්' භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් මුහුදට වැටෙන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 

එසේ වෙරළට ගොඩ ගසන කිසිදු දෙයක් ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට යෑමෙන් වළකින්නැයි ද වෙරළ තීරය අවට ජනතාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දී ඇත.

නෞකාවේ ගින්න පාලනය කිරීමට සහායවීම සඳහා ඉන්දීය සහන කණ්ඩායමක් ද යොමුකර ඇත. ඒ සඳහා ටග් යාත්‍රාවක් සහ ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රා දෙකක් ද යොමුකර තිබේ.

ඡායාරූප - Air Force Media

Classified_Ad

Classified_Ad_News_Bottom