වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

May 26, 2021

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අද

sample-ad-complete-big
Vesak-Poya-Day-2021
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. 

වෙසක් පොහොය බෞද්ධ සැදැහැවතුන්ගේ වටිනාම පුණ්‍ය උත්සවයයි. සමස්ත බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වෙසක් පොහොය සැමරීම සිදුකරයි. 

ලොව පුරා පවතින ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටිමින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සිදුව තිබේ. බෞද්ධ වත්පිළිවෙත්වලට මූලිකත්වය ලබාදෙමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මෙවර වෙසක් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

 වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ මෙන්ම මෙවර ද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් සාමූහික පිංකම්වල නියැලීමට ඇති අවස්ථාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවය. 

උතුම් තෙමඟුල සිහිකිරීමට තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ යෙදීමට එය බාධාවක් නොකරගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. 

බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්‍යයන්ගේ ජීවිතවල ආරක්ෂාවත් යහ පැවැත්මත් උදෙසා කැපවීම මෙම වසංගතය හමුවේ අපගේ සමාජ යුතුකම මෙන්ම බෞද්ධයාගේ උතුම් ගති ලක්ෂණ ලොවට ආදර්ශයෙන් පෙන්වාදීමට මෙය අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත. 

වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන්වහන්සේ වඩාත් අගය කොට සැලකු ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීමටත් මෙම කාලය වඩාත් යෝග්‍ය බවය. 

වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබේ. සොබාදහමට හිතැතිව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බුදු තෙමඟුල සැමරීම බුදු දහමේ සැබෑ අරුථ පසක් කරවන්නට හේතු වන බව විපක්ෂ නායකවරයා පවසා ඇත. 

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සර්වකාලීන දහමක් බව මුළු මහත් ලෝකවාසීන්ම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සිටින මේ මොහොතේ සනාථ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ දැක්වෙයි.

Classified_Ad