වෙසක් පෝය දා ඡායා චන්ද්‍රග්‍රහණයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 25, 2021

වෙසක් පෝය දා ඡායා චන්ද්‍රග්‍රහණයක්

වෙසක් පුන් පොහොය දිනය යෙදී ඇති මැයි මස 26 වනදා එනම් හෙට දිනයේ, මෙරට ජනතාවට ඡායා චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට හැකි වනු ඇතැයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. 

මෙම චන්ද්‍රග්‍රහණයේ පුර්ණ කොටස සහ අර්ධ කොටස මෙරටට දිස්නොවන අතර වන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කිහිපය ඡායාවක ස්වරූපයෙන් දැක බලාගැනීමට හැකියාව පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන්, සවස 7.19 පමණ මෙම ඡයා චන්ද්‍රග්‍රහණය දැක ගැනීමට හැකිවෙයි.

මෙම චන්ද්‍රග්‍රහණය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, උතුරු අමෙරිකාව යන රටවලට දිස්වන බව ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පැහැදිලි කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom