බයිඩන් පුටින් හමුවෙති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 16, 2021

බයිඩන් පුටින් හමුවෙති

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික හමුව මීට සුළු මොහොතකට පෙර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. 

සමුළුව ආරම්භ වූයේ ජිනීවා වේලාවෙන් 1.30 ටය. සමුළුව පැවැත්වෙන්නේ, ජිනීවා විල ආසන්නයේ ඇති 18 වැනි සියවසේ ඉදිකරනු ලැබූ 'විලා දෙ ලා ග්‍රාන්ජේ' මන්දිරයේය. රාජ්‍ය නායකයන් දෙදෙනාගේ පැමිණීම නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

'විලා දෙ ලා ග්‍රාන්දේ' මන්දිරයට රාජ්‍ය නායකයන් දෙදෙනා පැමිණි විට ඔවුන් පිළිගනු ලැබුවේ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා විසිනි. 

බයිඩන් සමග ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද පුටින් සමග රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ද පැමිණියහ. එකිනෙකා පිළිගැනීමෙන් පසු බයිඩන් සහ පුටින් අතර සාකච්ඡා ආරම්භ වූයේ මන්දිරයේ පුස්තකාලය පිහිටි ශාලාවේදීය. 

 1985 වසරේ දී ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් නායක මිහායෙල් ගොර්බචොෆ් අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූයේ ද මෙම ‍පැරැණි මන්දිරයේය. 

ඇමෙරිකා රුසියා දේශපාලනික කටයුතු සම්බන්ධයෙන්, ස්විට්සර්ලන්තය සැමවිටම මධ්‍යස්ථව කටයුතු තරයි. 1985 වසරේදී රේගන් සහ මිහායෙල් ගොර්බචොෆ් හමුවත්, අද බයිඩන් සහ පුටින් හමුවත් පැවැත්වෙන්නේ එසේ මධ්‍යස්ථව කටයුතු කරන බැවිනි. 

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom