
චීන වැසියන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම මේ වනවිට කඩිනමින් සිදුවන බවත්, මෙම 2021 වසර අවසන් වෙද්දී, චීන වැසියන්ගෙන් සියයට 80 ක් එන්නත් කර අවසන් කිරීමට චීන රජය බලාපොරෙත්තු වෙයි.
චීනයේ ජනගහනය බිලියන 1.4 කි. චීනය, එරට වැසියන්ට එන්නත් ලබා දීම ආරම්භ කළේ මීට මාස 5 කට පෙරය. එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ ඉතා මන්දගාමී ස්වරූපයකිනි.
කෙසේ නමුත් දැන් ඉතා වේගයෙන් එන්නත්කරණ කටයුතු සිදුවෙයි. පසුගිය මැයි මාසයේ දින පහකදී චීන සෞඛ්‍ය අංශ එන්නත් මිලියනයක් ලබා දීමට ද කටයුතු කළ බව වාර්තා වේ.
චීනරජය පවසන අන්දමට දිනකට ලබා දෙන එන්නත් මාත්‍රා ගණන මිලියන 19 කි.
චීන සෞඛ්‍ය අංශ එරට වැසියන්ට ලබා දෙන්නේ 'සයිනෝෆාම්' සහ 'සයිනෝවැක්' යන චීනයේ නිෂ්පාදිත එන්නත්ය. මාත්‍රා දෙකකින් යුත් මෙම එන්නත් දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිවී තිබේ.
'සයිනෝෆාම්' සහ 'සයිනෝවැක්' එන්නත්වලට අමතරව, චීනය තවත් ප්‍රතිශක්තිකරණ එන්නත් කීපයක් නිපදවා තිබේ. ඒවා මේ වනවිට සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගැනෙයි.
AFP