කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 2 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 1, 2021

කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 2 ක්

හුවාවේ සමාගමේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (31) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී 'ඉටුකම' සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2ක මුදලක් ප්‍රදානය කළහ. 

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හුවාවේ සමාගම අඛණ්ඩව දක්වන සහයෝගය මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ද ලක්විණි. 

හුවාවේ සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ උප සභාපති චෙන් මින්ජි මහතා, හුවාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පීඨය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පස් අවුරුදු සමාජ සත්කාර වැඩසටහන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හඳුන්වාදීම ද මෙහිදී සිදුවිය.‍ 

සිසුන් 10,000 ක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතාවෙන් පිරිපුන් පිරිසක් බවට පත්කිරීම මෙම සමාජ සත්කාර වැඩසටහනේ අරමුණය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, හුවාවේ සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ උප සභාපති චෙන් මින්ජි, හුවාවේ ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ලියාං යී, මහජන සම්බන්ධතා හා සන්නිවේදන අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් ලී, ව්‍යාපාර හා ව්‍යවසාය අංශ ප්‍රධානී ෂියාඕ හුවා යන මහත්වරු එක් වී සිටියහ.

Classified_Ad