කමලා හැරිස්ගේ ගුවන් යානයේ දෝෂයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 7, 2021

කමලා හැරිස්ගේ ගුවන් යානයේ දෝෂයක්

ඇමෙරිකා උප ජනාධිපති කමලා හැරිස්, එම ධුරයට පත් වීමෙන් පසු, පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් යන ගෞතමාලාව බලා ගියාය. 

ගෞතමාලා සංචාරය ආරම්භ කරමින් සිය නිල ගුවන් යානයට ගොඩවූයේ ඊයේ් (6) ය. යානය ගුවන්ගත වූ සැණින්, එහි යාන්ත්‍රික දෝෂයක් හටගත් අතර, යානය කඩිනමින් වොෂින්ටනයට ඔබ්බෙන් පිහිටි ඇන්ඩෲස් ගුවන් කඳවුරට ගොඩබෑම සිදුවිය. 

'ගැටලුවක් නැහැ. මා හොඳින්. මමත් යානයේ සිටි සැමත් බය වුණා. අපි දෙවියන්ට යාඥා කළා.' යැයි ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් අමතමින් උප ජනාධිපතිනිය පැවැසුවාය. 

ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව වන්නේ කමලා හැරිස්ය. උප ජනාධිපතිනියට වෙනත් ගුවන් යානයක් ලැබුණු පසු පැය කීපයක ප්‍රමාදයකින් ඇය සහ ඇගේ කණ්ඩායම ගෞතමාලාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ. ගෞතමාලා සංචාරයෙන් පසු කමලා හැරිස් මෙක්සිකෝවේ ද සංචාරය කිරීමට නියමිතය.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom