නිවේදනයටත් රංගනයටත් හපන් දිනිති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 8, 2021

නිවේදනයටත් රංගනයටත් හපන් දිනිති

ඉතාමත් කෙටි කලකින් ලාංකීය කලා ක්ෂේත්‍රයට පිවිස, ජනප්‍රියත්වයේ ඉහළටම ගිය හැඩකාරියක් ලෙස දිනිති වල්ගමගේ හඳුන්වා දෙන්න පුළුවන්. නිවේදිකාවක් රංගන ශිල්පිනියක් පමණක් නොවෙයි, දිනිති ගුවන් සේවිකාවක්. ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් සේවිකාවක්. 
දිනිති ගැන කතාබහක් නිර්මාණය වූයේ, ඇයට ආදරේ කරන රසික රසිකාවියන් පිරිසක් නිර්මාණය වූයේත් සිරස රූපවාහිනී නාළිකාවේ 'වොයිස්' රියැලටි වැඩසටහනේ නිවේදිකාව ලෙස ඇය එය හැඩ කිරීමත් සමඟිනි.

ඒත් හිටිහැටියේ දිනිති එම වැඩසටහනේ දකින්න නොලැබුණේ ඇය ඇගේ රැකියා කටයුතු ආරම්භ කළ හින්දයි. නිවේදන කටයුතුවලට තමන් හුඟක් ආසා කළත්, ගුවන් සේවිකාවක වී රාජකාරියට යෑම, අවශ්‍ය මොහොතේ කළ යුතු බවත් ඇය පසුව පැහැදිලි කළාය.
මාස 6 කට පසු යළිත් ඒ සඳහා අවස්ථාව උදාවුණා. එසේ නොගියා නම්, ඔවුන් මාව ආපසු ගන්නේ පුහුණු කාලයක් අවසන් කිරීමෙන් පසුවයි‍. දිනිති පැහැදිලි කර තිබෙනවා. 

 ඉඩක් ලැබුණාම, යළිත් ටෙලි නාට්‍යයකට එක් වීමටත් ඇය සූදානමින් සිටින බව ද පැවැසෙයි.

'මා නිවේදිකාවක් කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. සිරස නිසා මගේ ඒ හැකියාව බොහෝ දෙනා දැනගත්තා. ස්වර්ණවාහිණී නාළිකාවේ හාරකෝටිය හරහා මගේ රංගනය දකින්න ලැබුණා. වෙළඳ දැන්වීම් කීපයක මා දකින්න ලැබෙනවා' යැයි ඇය කියයි. 
තවත් ටෙලි නිර්මාණ කීපයකින් පමණක් නොවෙයි, චිත්‍රපටයකින් ද ඉදිරියේ දී දිනිතිගේ රංගනය දකින්න ලැබෙනු ඇතැයි පැවැසෙනවා. 

අලුත් මුහුණකට හුඟක් අය ආසයි. තමන්ට යහපත් ප්‍රතිචාර ලැබුණෙත්, රංගනයට වැඩි වැඩියෙන් අවස්ථාවක් ලැබුණෙත් ඒ නිසා යැයි දිනිතිගේ විශ්වාසයයි.

Classified_Ad

Classified_Ad_News_Bottom