නුෂ්රත් බරූචා Dubbing පටන් අරන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 7, 2021

නුෂ්රත් බරූචා Dubbing පටන් අරන්

'කොවිඩ් 19' ආසාදිතයන්ගේ අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට පැනවූ ලොක්ඩවුන් තහංචි මේ වනවිට කෙමෙන් ලිහිල් වෙමින් පවතී. 

බොලිවුඩ් නළු නිළියෝ බොහෝ දෙනෙක් සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශවලට ගරු කරමින් ඒවාට අනුගත වෙමින්, යළිත් ඔවුන්ගේ සුපුරුදු රාජකාරිවල නියැලෙති. බොලිවුඩ් සුරූපිනී නුෂ්රත් බරූචා ද ඒ අතර වෙයි. 

36 හැවිරිදි බොලිවුඩ් සුරූපිනී නුෂ්රත්ගේ නවතම චිත්‍රපටය වන්නේ 'චෝරී' ය. මෙය Horror චිත්‍රපටයක් බව පැවැසෙයි. 

නුෂ්රත් මේ වනවිට එම චිත්‍රපටයේ හඩ කැවීමේ කටයුතුවල නියැලෙමින් සිටින බව ෆිල්ම්ෆෙයාර් වාර්තා කරයි. චිත්‍රපටයේ රූගත කිරීම් දින 40 කින් අවසන් වූයේ පසුගිය දෙසැම්බරයේය. 
චිත්‍රපටයේ ඉතිරි වැඩ කටයුතු කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වූ නමුත් දැන් ටිකෙන් ටික එම කටයුතු ආරම්භ වී ඇත.

'චෝරී' චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවූයේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුඩා ගම්මානයකය. තමන් නිවසින් පිට කොහෙ ගියත්, සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපඳිනවා යැයි නුෂ්රත් පවසා ඇත. නුෂ්රත් බරූචා උපත ලබා ඇත්තේ 1985 මැයි 17 වැනිදාය. ඇය බහුලව දැකිය හැක්කේ හින්දි චිත්‍රපටවලය. 
නුෂ්රත් කාගේත් ආදරයට ලක් වූයේ 2011 'ප්‍යාර් කා පුංචනවා' චිත්‍රපටයෙනි. 2018 වසරේ 'සෝනු කේ ටිටු කී ස්වීටි', 2019 වසරේ 'ඩ්‍රීම් ගර්ල්' සහ 2020 වසරේ 'චලාංග්' චිත්‍රපටවලට නුෂ්රත් එක් වූවාය. මෙම 2021 වසරේ නුෂ්රත්ගේ රංගනය දකින්න ලැබෙන්නේ කෙටි චිත්‍රපට රැසක එකතුවක් වන 'අජීබ් දාස්තාන්ස්' හරහාය. 

Filmfare

Classified_Ad

Classified_Ad_News_Bottom