රංගනයට එක්වුණු නවතම තරුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 25, 2021

රංගනයට එක්වුණු නවතම තරුව

මෙරට මෙන්ම විදේශීය රටවලද නිරූපණ ක්ෂේත්‍රයෙන් නමක් දිනාගෙන නර්තන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් ලෙස ද කටයුතු කරන ඇය අද දවසේ දී රංගන ක්ෂේත්‍රයට ද අවතීර්ණ වී සිටින්නීය. ඇය නමින් ටීෂා ය. පාසල් අවධියේ සිටම කලාවට ඇල්මක් දැක්වූ ටීෂා තමන්ගේ කතාව දිගහැරියේ මෙලෙසිනි. 

''මම දැනට පදිංචි වෙලා ඉන්නේ හෝමාගම ප්‍රදේශයේ. පුංචි කාලේ ඉදලම මම නර්තනයට වගේම නිවේදන කටයුතුවලට ගොඩාක් ආසයි. ඒත් මවුපියන් කැමති වුණේ නෑ මම කලා අංශයෙන් ඉදිරියට යනවාට. 
ඒ වුණත් මම කලාවට තිබුණු ආසාව ආදරය පොඩ්ඩක්වත් අඩුකරගත්තේ නෑ. කොහොම හරි පාසල් අවධියෙන් පස්සේ මගේ ඥාති සොහොයුරියකගේ ආරාධනයෙන් මට විදෙස් රටවල නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන්න ලැබුණා. ගොඩාක් වැඩකළා. දැන් ඔවුන් එක්ක කළ වැඩ කටයුතු ඉවරයි. 

තවත් විද්ශීය රටවල ආයතනවලින් මට ආරාධනා ලැබුණා. නිරූපණ කටයුතු කරන්න. ඒත් මේ කොවිඩ් 19 වයිරසයේ ප්‍රශ්නය හින්දා ඒ රටවල තත්ත්වය හොඳ නැති හින්දත් ඒවා මම භාරගත්තේ නෑ. ඔය අතරේ මෙහෙන් ලැබුණු ආරාධනා අනුව වැඩ ටිකක් කළා. 
දැනටත් නිරූපණ ශිල්පිනියක් විදිහට මෙරට කලා ක්ෂේත්‍රයෙන් ලොකු ආරාධනා ලැබෙනවා. මම කලා ක්ෂේත්‍රයට ගොඩාක් ආදරෙයි. ඒ හින්දා ලැබුණු ආරාධනා ගෞරවයෙන් භාරගන්නවා. ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රයේ වගේම නිවෙදන රංගනය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයෙන්ම සාර්ථක ගමනක් මා බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය මේ ක්ෂේත්‍ර ත්‍රිත්වයේම මගේ නම සනිටුහන් කරන්නයි.'' 

෴ සමන්ත යහම්පත්
උපුටා ගැනීම - ලංකාදීප රසවින්දන

Classified_Ad

Classified_Ad_News_Bottom