සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 8, 2021

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹේ

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ චීනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (8) ආරම්භ විය. 

එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට සති හතරකින් දෙවන මාත්‍රාව ලබාදෙන අතර එය ලබාදෙන ස්ථානය හා වේලාව කෙටි පණිවුඩයක් මගින් අදාළ පුද්ගලයින්ට දැනුම් දීම සිදුවන බව එන්නත්කරණ කටයුතු ආරම්භ කරමින් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැහැදිලි කර තිබේ.

''මේ අයගේ දෙවන මාත්‍රාව මැයි මාසයේ 9 වන දින ගත් අයට හෙට දිනයේ දීත්, මැයි 10 ගත් අයට අනිද්දා දිනයේ දීත් යන වශයෙන් ගත්ත දිනයට අනුරූප ජූනි මාසයේ දිනයේ දී පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේ දීම එය ලබාගැනීමට ඔබට පුළුවන්. ස්ථානය සහ වේලාව දන්වා ඔබට SMS පණිවුඩයක් ලැබේවි. යම් හෙයකින් ඔබට එම SMS පණිවුඩය නොලැබුණොත් ඔබගේ කාඩ් පතෙහි සඳහන් පළමු මාත්‍රාව ලබාගත් දිනයේ එම මධ්‍යස්ථානයට ගිහින් එය ලබාගන්න පුළුවන්. යම් හෙයකින් ඔබට එය මඟ හැරුණොත් අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා අපි තවත් අතිරේක දිනයක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.'' යැයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ 
Photo-Journalist Lankadeepa

Classified_Ad

Classified_Ad_News_Bottom