මෙල්බන් කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 8, 2021

මෙල්බන් කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වී ඇතැයි ද ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයකු ඊට සම්බන්ධ යැයි ද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. 

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරින් ඩෙල්ටා ප්‍රභේදය ( ඉන්දීය ප්‍රභේදය) හඳුනාගෙන ඇතැයි ද ඒ පිළිබඳ සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයකුගෙන් එලෙස එම ප්‍රභේදය රටට ඇතුළු වී ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.

ශ්‍රී ලංකාවේ පැතිර යන සම්ප්‍රේෂණ හැකියාව ඉහළ මෙම ප්‍රභේදය හේතුවෙන් ප්‍රජාවකට වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ද විශේෂඥයන් උපුටා දක්වමින් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ මැයි 8 වැනිදා ය. 

ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේදීම ඔහුට බී.1.617.2 ප්‍රභේදය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඉන් පසුව ඔහු හෝටල් නිරෝධායනයට යොමු කර ඇත. ඔහුගේ නිරෝධායන කාලසීමාව අවසන් වී ඇත්තේ මැයි මස 23 වැනිදා ය.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad