සූ කී ට බරපතල චෝදනාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 11, 2021

සූ කී ට බරපතල චෝදනාවක්

බලයෙන් නෙරපා දැමුණු මියන්මාර නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කරනු ලැබ තිබේ. 

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා සූ කී ට එරෙහිව මේ දක්වා එල්ල වී ඇති බරපතලතම චෝදනාව මෙය වන අතර ඊට වරදකරු වුවහොත් ඇයට වසර 15ක උපරිම සිරදඬුවමට ලක්වීමට සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

සුකී විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් හා රත්‍රං අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි මියන්මාර හමුදා මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

මියන්මාර හමුදාව අවුන් සාන් සූ කී ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා, කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි 1 වැනිදාය. 

සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසකට ද හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා එල්ල කරනු ලැබ ඇත. මියන්මාර හමුදාව රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසු අවුන් සාන් සූ කී ඇතුළු ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ජ්‍යෙෂ්ඨයන් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට යොමු කර තිබේ.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom