උතුරු අයර්ලන්ත අර්බුදය: සාකච්ඡා උණුසුම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 11, 2021

උතුරු අයර්ලන්ත අර්බුදය: සාකච්ඡා උණුසුම්

'ජී7' සමුළුවට පෙර, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අතර හමුවක් පැවැත්විණි. බයිඩන් ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙසත්, ජොන්සන් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි. 

මහා බ්‍රිතාන්‍යය, 'බ්‍රෙක්සිට්' ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු, මේ වනවිට යුරෝපා සංගමයෙන් ඉවත් වී සිටී. මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ද අර්බුද රැසක් නිර්මාණය කිරීමට හේතුවක් වී ඇති නමුත්, එම අර්බුද කඩිනමින් විසඳා ගැනීමට අග්‍රාමාත්‍ය ජොන්සන් කටයුතු කරමින් සිටී. 

අයර්ලන්තය සහ උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති දේශසීමා අර්බුදය ද එවැන්නක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මහා බ්‍රිතාන්‍යය හෙවත් එක්සත් රාජධානිය යනු එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ අයර්ලන්තයයි. 

උතුරු අයර්ලන්තය මහා බ්‍රිතාන්‍යයට සම්බන්ධ නැත. මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමඟ අයර්ලන්තය ද යුරෝපා සංගමයෙන් ඉවත් වූ නමුත්, උතුරු අයර්ලන්තය යුරෝපා සංගමය සමඟ දිගටම සම්බන්ධකම් පවත්වයි. උතුරු අයර්ලන්තය සමඟ අර්බුදයක් ඇතිවීම වලක්වා ගත යුතුයි යන්න ජනපති බයිඩන්ගේ අදහසය. 
සාකච්ඡා ආරම්භයේ දී බයිඩන් සහ ජොන්සන් අතර ප්‍රධාන මාතෘකාව වූයේ උතුරු අයර්ලන්තයයි. බයිඩන්, උතුරු අයර්ලන්තයට පක්ෂපාතී අයුරින් අදහස් දැක්වීම අග්‍රාමාත්‍ය ජොන්සන් අප්‍රසාදයට හේතුවක් විය. 

මහා බ්‍රිතාන්‍යය සැමවිටම උතුරු අයර්ලන්තය සමඟ ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකිය යුතු බවත්, මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය අතර ඇතිකරගත් සාම ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යා යුතු බවත් බයිඩන් පැවැසුවේය. 

බැරෑරුම් ලෙස ආරම්භ වුණු සාකච්ඡා අවසන් වෙද්දී, නායකයන් දෙදෙනා අතරේ පොදු එකඟතාවක් ඇති වී තිබුණු හෙයින්, අග්‍රාමාත්‍ය ජොන්සන් මාධ්‍ය හමුවේ කියා සිටියේ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් තමන්ගේ සිතට ලොකු සැනසිල්ලක් දැනෙන්න වූ බවය. 

ගෝලීය ආරක්ෂාව, 'නේටෝ' සංවිධානය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි ගෝලීය වශයෙන් අභියෝගවලට මුහුණ දෙමින්, ඒවා ජය ගැනීමට ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් අතර 'අත්ලාන්තික් ප්‍රතිපත්තිය' නමින් නව ප්‍රතිපත්තියක් ද සකස් කර ගැණුනි. 

මේ වනවිට 'කොවිඩ් 19' වසංගතය හමුවේ, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම ඇමෙරිකාව තහනම් කර තිබේ. ඒ, වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි. එම කටයුතු වඩාත් හොඳින් නියාමනය කිරීමට විශේෂ කාර්ය සාධක බලකායක් ද පිහිටුවීම ජනාධිපති බයිඩන් සහ අග්‍රාමාත්‍ය ජොන්සන් අතරේ එකඟත්වයක් ඇති විය.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom