ලෝකයට අලුත් සාගරයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 25, 2021

ලෝකයට අලුත් සාගරයක්

ලෝකයේ සාගර කීයක් තිබෙනවාද? මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නැත. පොදුවේ පිළිගැනෙන පිළිතුර වන්නේ 4 ක් යි යන්නය. එම සාගර 4 නම් පැසිෆික් සාගරය, ආක්ටික් සාගරය, අත්ලාන්තික් සාගරය, ඉන්දීය සාගරයයි. 

සාගර මෙසේ වර්ගීකරණය කර ඇත්තේ පිහිටීම, ජල ප්‍රවාහ සහ පාරිසරික සාධක සැලකිල්ලට ගනිමිනි. යුරෝපා රටවල වැසියන්ගේ පිළිගැනීම වන්නේ ලෝකයේ සාගර 5 ක් ඇති බවය. ලෝකයේ සාගර ගණන 4 ක් නොව, 5 ක් යැයි වසර 500 ක් තිස්සේ විවාදයක් පැවැතිණි. 

දැන් නැෂනල් ජියෝග්‍රැෆික් සන්සදය මැදිහත් වී, ලෝකයේ සාගර ගණන 5 ක් බව තහවුරු කර ඇත. ඉදිරියේ දී පාසල් පෙළ පොත්වල භූගෝල විෂයට පවා මෙම විස්තර ඇතුළත් වේවි යැයි පැවැසෙයි. පස්වැනි සාගරය ලෙස සැලකෙන්නේ දකුණු සාගරයයි. මෙය ඇත්තේ අප්‍රිකා මහද්වීපයට පහළිනි. 

වෙනස් ආකාරයක ජල ප්‍රවාහයක් පැවැතීම සහ වෙනස සාගරයක් ලෙස අර්ථ නිරූපණයට අවශ්‍ය සාධක පැවැතීම සැලකිල්ලට ගනිමින්, දකුණු සාගරයේ සීමා මායිම සකස් කළ බව නැෂනල් ජියෝග්‍රැෆික් පෙන්වා දෙයි.  

දකුණු සාගරය යන නමින් මෙම සාගරය පළමුවෙන් නම් කිරීම සිදුවූයේ 1500 ගණන්වලය. පැරැණි විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කෙරුණි. 1921 දී ජාත්‍යන්තර ජල විද්‍යාත්මක සංවිධානය (IHO) ස්ථාපිත කළ අවස්ථාවේදී ද දකුණු සාගරය ලෙස වෙනම සාගරයක් නම් කළ හැකි බව පැවැසුණත්, 1953 දී එම අදහස ඉවත් කෙරුණි. 

ඒ, දකුණු සාගරය, වෙනම සාගරයක් ලෙස අර්ථ නිරූපණයට ප්‍රමාණවත් සාධක නොමැති බව පවසමිනි. කෙසේ නමුත් දැන්, චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින්, සාගර සිතියම්ගත කිරීමේදී, දකුණු සාගරය නිවැරදිව වෙන් කිරීම කළ හැකි වී ඇති බව නැෂනල් ජියෝග්‍රැෆි පැහැදිලි කර තිබේ. 

The Sun Science News

Classified_Ad

Classified_Ad_News_Bottom