පිලිප් කුමරුන් නමින් රෝස මලක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jun 12, 2021

පිලිප් කුමරුන් නමින් රෝස මලක්

sample-ad-complete-big
44029455-9669799-image-a-44_1623267597770
44029457-9669799-The_rose_pictured_being_gifted_to_the_Queen_was_later_planted_in-a-42_1623277842456
දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වූ අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන, පිලිප් කුමරුන් සිහි කරමින්, 'එඩින්බරෝ රෝස්' යන නමින් රෝස මලක් නම් කිරීමට, බ්‍රිතාන්‍ය රාජකීය උද්‍යාන සංගමය පසුගිය දා කටයුතු කළේය.

රෝස පැහැති මෙම රෝස මල, පිලිප් කුමරුන්ට ගෞරව කරමින් නම් කිරීම සිදුවූයේ බ්‍රහස්පතින්දා පිලිප් කුමරුන්ගේ උපන් දිනය දා ය. ජීවතුන් අතර සිටියේ නම්, පිලිප් කුමරුන්ගේ 100 වැනි උපන් දිනය එදිනට යෙදී තිබුණි. 

බ්‍රිතාන්‍ය රාජකීය උද්‍යාන සංගමයේ ප්‍රධාන අනුග්‍රාහිකාවක් වන්නේ එලිසබත් මහ රැජිනය. රාජකීය උද්‍යාන සංගමයේ සභාපතිවරයා රැජින හමුවීමට පැමිණ‍ 'එඩින්බරෝ රෝස්' රෝස මල රැජිනට හඳුන්වා දීම සිදු කළ බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 'එඩින්බරෝ රෝස්' රෝස රැජිනට හඳුන්වා දීම සිදුවූයේ වින්ඩ්සර් මාලිගයේ නැගෙනහිර උද්‍යානයේදීය. 

රෝස පැලයක් රෝපණය කිරීම ද සිදුවිය. 'කොවිඩ් 19' වසිගතය හේතුවෙන්, වසංතයෙන් ආරක්ෂා වෙමින්, මහ රැජින රැඳී සිටින්නේ බකිංහැම් මාලිගයේ නොව, ඇගේ වින්ඩ්සර් මාලිගයේය. ඉදිරියේ දී, විකුණන සෑම 'එඩින්බරෝ රෝස්' රෝසමලකින්ම ලැබෙන ආදායමෙන් කොටසක්, පිලිප් විසින් ආරම්භ කරන ලද එඩින්බරෝ ආදිපාදවරයාගේ ජීවන උරුමය අරමුදල වෙත යොමු කෙරෙණු ඇත. මෙය ලොව පුරා රටවල් 130 කට වැඩි ගණනක තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් වුණු අරමුදලකි. අරමුදල ආරම්භ කෙරුණේ 1956 වසරේදීය. 

මේ අතර" දෙවැනි එලිසබත් මහ රැජිනගේ 'සාම්ප්‍රදායික' උපන් දින සැමරුම අද (12) පැවැත්විණි. වින්ඩ්සර් මාලිගයේ රැජින වෙනුවෙන් රාජකීය හමුදාව විශේෂ උත්තමාචාර පෙළපළියක් ද පැවැත්විණි. 
44134069-9678729-image-a-17_1623492766201
44135025-9678729-image-a-222_1623495868871
44135417-9678729-image-a-15_1623497246583
එලිසබත් මහ රැජිනගේ උපන් දිනය යෙදී ඇත්තේ අප්‍රේල් මාසයේ 21 වැනිදාටය. එය සාම්ප්‍රදායිකව හමුදා උත්තමාචාර හමුවේ සැමරීම සිදුවන්නේ සෑම ජූනි 12 වැනිදාය.

Classified_Ad