හානිය තක්සේරු කරන්න උදව් වෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 19, 2021

හානිය තක්සේරු කරන්න උදව් වෙනවා

එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකා‌වෙන් සිදු වූ පරිසර හානිය නිරීක්ෂණය කිරීමට එක්සත් රාජධානියේ විශේෂඥ සහ විශ්ලේෂණ දායකත්වය ලබාදෙන බව එක්සත් රාජධානියේ මෙරට මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සඳහන් කරයි. 

එක්සත් රාජධානිය වෙනුවෙන් එරට පරිසර, ධීවර සහ ජලජ ශාක හා සතුන් (සෙෆාස්) පිළිබඳ මධ්‍යස්ථානය මීට අදාළ විශේෂඥ සහ විශ්ලේෂණ සහාය ලබාදෙන බව ඇය කියයි. 

එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකා‌වෙන් සිදු වූ පරිසර හානය, ප්ලාස්ටික් නිසා සිදු වූ පරිසර දූෂණය නිරීක්ෂණය, මෙම සිදුවීමෙන් වූ පාරිසරික සහ සමාජ ආර්ථික බලපෑම තක්සේරු කිරීමට ද ඔවුන්ගේ සහාය හිමි වන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙරට මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 

ඊට අමතරව සමුද්‍රීය ජීවින්ට සහ වෙරළබඩ වාසස්ථානවලට සිදු වූ බලපෑමට ප්‍රතිචාර දැක්වීමට ද ඔවුන්ගේ සහාය හිමිවනු ඇත.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad