ලංකාවට දිගු කාලීනව සහාය දෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 19, 2021

ලංකාවට දිගු කාලීනව සහාය දෙනවා

එක්සත් ශ්‍රී ලංකා රාමුවක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව සමානාත්මතාව, යුක්තිය, සාමය, සහ අභිමානය උදෙසා දමිළ ප්‍රජාවගේ අභිලාෂවලට පිළිතුරු සොයන (ආමන්ත්‍රණය කෙරෙන) ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් ඉන්දියාවේ දිගුකාලීන සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත. 

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී (ඉන්දියා හවුස්) හිදී පසුගිය දා (17) පැවැත්විණි. 

මහ කොමසාරිස්වරයා ඉහත කරුණු සඳහන් කර ඇත්තේ එම සාකච්ඡාවේදී ය. බලය බෙදීම, උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

සෞඛ්‍ය, අධ්‍යාපන, සම්බන්ධතා යනාදී ඇතුළුව පුනරුත්ථාපනය සහ සංවර්ධන යන ක්ෂේත්‍රවලදී ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බව ද මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත. පශ්චාත් කොවිඩ්-19 යුගයේදී ඉන්දු-ලංකා සංවර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කර ඇත. 

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩික්කලනාදන් සහ එම්.ඒ. සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකෝබ් යන මහත්වරු සහ මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන උපදේශිකා බානු ප්‍රකාශ් මහත්මිය මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom