ශ්‍රී ලංකාවට නවසීලන්ත මහ කොමසාරිස්වරයෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 23, 2021

ශ්‍රී ලංකාවට නවසීලන්ත මහ කොමසාරිස්වරයෙක්

පළමු වරට ශ්‍රී ලංකාව සඳහා නවසීලන්ත මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1955 දී ආරම්භ කළ ද මෙතෙක් මෙරටට නවසීලන්ත මහකොමසාරිස්වරයෙකු පත් කර තිබුණේ නැත.

ඒ අනුව ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව නවසීලන්ත රජය විසින් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා මෙරට පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබූ බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ලෙස පත්වීම ලැබූ එඩ්වඩ් ඇපල්ටන් මහතා ඊයේ (22) ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ බවද විදේශ අමාත්‍යාංශ පවසයි.

මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතාද එක්විණි. තවද මේ වසර අග භාගයේ දී කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමට නියමිතව ඇත. 

 මෙරටට නවසීලන්ත මහකොමසාරිස්වරයකු පත් කිරීම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් වන බවත් එමඟින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්තර්ක්‍රියා සැලකිය යුතු අන්දමින් පුළුල් කෙරෙනු ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අවධාරණය කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom