ඉන්දියාවේ ඇසළ පොහොය සැමරුමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 28, 2021

ඉන්දියාවේ ඇසළ පොහොය සැමරුමක්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය, සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය හවුල්කර ගනිමින්, ඉන්දීය රජය, මහාබෝධි සංගමය සහ සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලය සමඟ ද ඒක් වෙමින්, ඇසළ පොහොය නිමිත්තෙන්, මෙවරත් විශේෂ උත්සව කීපයක් සංවිධානය කර තිබුණි. ඉන්දියානුවන් ඇසළ උත්සවය හඳුන්වන්නේ, 'අශද පූර්ණිමා' යනුවෙනි. 

බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව පැවැත්වූ ඇසළ පොහොය දිනයේ වැදගත්කම පෙන්වා දෙමින්, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා වීඩියෝ පණිවුඩයක් නිකුත් කළ අතර, ජනාධිපතිවරයා මැදිහත් වී රාෂ්ට්‍රපති භවන් ජනාධිපති මන්දිර උද්‍යානයේ බෝ පැළයක් ද රෝපණය කළේය. 

 බුදු දහමේ ආකර්ෂණය නිල වශයෙන් බුදු දහම වැළඳ ගෙන ඇති මිලියන 550ක ජනතාවගෙන් බොහෝ ඔබ්බට පැතිර ඇති බවත්, වෙනත් ආගම් සහ විශ්වාසයන් අනුගමනය කරන පුද්ගලයන් ද අදේවවාදීන් ද මිනිසා විසින් මුහුණ පාන මූලික ප්‍රශ්නවලට බුදු දහම විසින් ඉදිරිපත් කරනු ලබන තාර්කික, සහේතුක සහ සරල විසඳුම් හේතුවෙන් බුදු දහමට ආකර්ෂණය වී ඇති බවත් ඉන්දීය ජනාධිපතිවරයා ඒම වීඩියෝ පණිවුඩය හරහා පෙන්වා දුන්නේය. 

කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයට දයාව, කරුණාව සහ පරාර්ථකාමීත්වය අන් කවරදාටත් වඩා අවශ්‍ය යැයි ද ඉන්දීය ජනාධිපතිතුමා පැවැසීය. බුදු දහම විසින් උගන්වන විශ්වීය වටිනාකම් වැළඳගන්නා ලෙස ද ඉන්දීය ජනාධිපතිවරයා සැමගෙන් ඉල්ලීමක් ද කළේය. 

 මීට අමතරව ඇසළ පොහොය දිනය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මේ හා සමාන අදහස් පළ කළ අතර, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ඛේදවාචකයකට මුහුණ පා ඇති අවස්ථාවේදී ලෝකයට ආදරයේ සහ සමඟියේ බලය දැනුණු බව පෙන්වා දුන්නේය. 

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් උපුටා දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර දුන්නේ මනස, වචනය සහ අධිෂ්ඨානය අතර සහ අපගේ ක්‍රියාව සහ උත්සහය අතර සමඟිය අපව වේදනාවෙන් ඉවතට සහ සන්තුෂ්ටිය කරා මඟ පෙන්වන බවය.

Classified_Ad

Classified_Ad_News_Bottom