පාකිස්තාන මහ කොමසාරිස් හමුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 28, 2021

පාකිස්තාන මහ කොමසාරිස් හමුවෙයි

නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් තන්වීර් අහ්මඩ් මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දීර්ඝකාලීන හා ශක්තිමත් ද්විපාර්ශවීය සම්බන්ධතා සහ ආර්ථික, වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ හා ආයෝජන සම්බන්ධීකාරක අස්මා කමල් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom