ඝානා ජනපති ආර්යාවන්ට වැටුප් දීමේ යෝජනාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 9, 2021

ඝානා ජනපති ආර්යාවන්ට වැටුප් දීමේ යෝජනාවක්

අප්‍රිකාවට අයත් ඝානා රාජ්‍යයේ ජනාධිපති සහ උප ජනාධිපති ආර්යාවන් සඳහා කැබිනට් අමාත්‍යවරුන්ට සමාන වැටුපක් ලබා දිය යුතුයි යැයි යේජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ඝානා වැසියන් මෙම යෝජනාවට තරයේ විරෝධය පළ කර ඇත. යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ස්වාධීන පාර්ලිමේන්තු කමිටුවක් මගින් යැයි ද පැවැසෙයි. 

 කැබිනට් ඇමැතිවරුන්ගේ වැටුපට සමාන ලෙස ජනාධිපති සහ උප ජනාධිපති බිරිඳන්ට වැටුපක් ලැබිය යුතු බව එහි සඳහන් වෙයි. යෝජනාව සම්මත වුවහොත් ජනපති ආර්යාවන්ට මසකට ඇමෙරිකන් ඩොලර් 3,500 ක මුදලක් ලැබේ. 

මිලියන 30 ක ජනගහනයක් වාසය කරන ඝානාව අයත් වන්නේ අප්‍රිකාවේ බටහිර කොටසටය. වත්මන් ඝානා ජනාධිපතිවරයා වන්නේ නානා අකුෆෝ අඩෝය. උප ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මහමුදු බහුමියාය. මොවුන් දෙදෙනා නියෝජනය කරන්නේ නව දේශප්‍රේමී පක්ෂයයි.

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom