කෙන්යාවේ බුද්ධ ප්‍රතිමාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jul 25, 2021

කෙන්යාවේ බුද්ධ ප්‍රතිමාවක්

sample-ad-complete-big
Kenya-Bhuddists-2020
Kenya-Bhuddists-2021
කෙන්යාවේ නයිරෝබි අගනුවර ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රථම වතාවට බුද්ධ ප්‍රතිමාවක් ඉදි කල බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී. 

එරට නයිරෝබි අගනුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ ස්ථාපනය කරන ලද මෙම බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන එල්.ඕ.එල්.සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහත්වරුන් විසින් ඉකුත්දා විවෘත කරනු ලැබීය. 

කෙන්යාවේ තිබෙන ශ්‍රී ලාංකික සමාගමක් වන මේලීන් සමූහය විසින් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත මන්දිරය ඉදිකරන ලදි. . කෙන්යාවේ ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකාවේ කෙන්යානු මිතුරන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මහතා කියා සිටියේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක දී ස්ථාපනය කිරීම සුවිශේෂී අවස්ථාවක් වන බවය.

කෙන්යාවේ දී ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය විදහා දැක්වීම සම්බන්ධයෙන් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ නව පිටුවක් සටහන් කරන්නා සේම බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ ශ්‍රී ලංකා, මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී ස්ථාපනය කිරීමට ලැබීම භාග්‍යයක් යැයිද හෙතෙම කියා සිටියේය. මේ අවස්ථාව සඳහා අනුග්‍රහය දැක්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ එල්ඕඑල්සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතාට විශේෂ ස්තූතිය පළ කරන බවද ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වැඩිදුරටත් කීවේය. 

මෙම බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීම කෙන්යානු රජයේ බලධාරීන්ගේ පූර්ණ සහයෝගය හා අනුග්‍රහයෙන් යුතුව සිදු බවද හෙතෙම වැඩිදුරටත් කීය. 

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන එල්.ඕ.එල්.සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහත්වරුන් නයිරෝබි අගනුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ බුද්ධ ප්‍රතිමාව වහන්සේ සුබ මෙහොතින් විවෘත කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. 

෴ තිළිණි ද සිල්වා

Classified_Ad