ශ්‍රී ලංකාව නිරූපණය කරන සැමුරායි විරුවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 25, 2021

ශ්‍රී ලංකාව නිරූපණය කරන සැමුරායි විරුවා

'කොවිඩ් 19' වසංගතය නිසා, වසරක ප්‍රමාදයකින් පසු, දැඩි සෞඛ්‍ය රෙගුලාසි යටතේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වනවිට ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙයි.

ඔලිම්පික් උළෙලේ 'ගැම්ම' සහ ජපාන සංස්කෘතිය මුසු කරමින්, ජපන් ඇනිමේ චිත්‍ර ශිල්පීන් ඔලිම්පික් උළෙලට සහභාගී වන රටවල ධජ ඇසුරින්, සැමුරායි රණ ශූරයන් නිර්මාණය කර ඇත. 

ඉන්දියාව, මහා බ්‍රිතානන්‍යය, එල් සැල්වදෝරය සහ තුර්කිය ආදී රටවල ධජ ඇසුරින් නිර්මාණය වූ සැමුරායි රණ ශූරයන්ගේ 'ඇනිමේ' Anime කාටූන් චිත්‍ර අතරට, ශ්‍රී ලංකාව නිරූපණය කරන සැමුරායිවරයකු ද සිටීම විශේෂත්වයකි. 

ශ්‍රී ලංකාව නිරූපණය කරන මෙම සැමුරායි වීරයා, 'දරුවන' Daruwana යන නමින් නම් කර ඇති අතර, මෙම සැමුරායි වීරයා හඳුන්වන තවත් නමක් වන්නේ 'රණ සිංහයා' The Gold Lion යන්නයි.
ඔලිම්පික් උළෙලට සහභාගී වන රටවල ධජ පාදක කරමින් සැමුරායි චරිත නිර්මාණයේ යෙදන චිත්‍ර ශිල්පීන් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ඇනිමේ චිත්‍ර ශිල්පියකු වන කමායා යමමෝටෝ ය. 

'සැමුරායිවරුන් සාම්ප්‍රදායික ජපන් සංස්කෘතියේ කොටසක්. ඔලිම්පික් උළෙල හරහා විවිධ රටවල් වෙනුවෙන් සැමුරායි චරිත නිර්මාණය කිරීමට හැකිවීම ආඩම්බරයක්. ගෞරවයක්' යැයි යමමෝටෝ BBC පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසයි.

විවිධ ස්වරූපයේ, විවිධ අනන්‍යතාවන් ඇති මෙම සැමුරායිරුන් මේ වනවිට ඔවුන් නිරූපණය කරන රටවල අතිශය ජනප්‍රිය වී ඇත. ශ්‍රී ලංකාව නිරූපණය කරන 'දරුවන' සැමුරායි විරුයා ගැන මේ වනවිටත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී අවසන්ය. 

'ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය වූ සැමුරායි විරුවාට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ජාතික ධජයේ වර්ණ, රටේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් තුන නියෝජනය කරනවා. සිංහල, දෙමළ සහ මුස්ලිම්. එබැවින් අප නිර්මාණය කළ සැමුරායි විරුයා මෙම වර්ණ පැළඳ සිටිනවා පමණක් නොව, රූපයට ධජයේ කැපී පෙනෙන ලෙස සිංහ පැටවකුත් ඔහු අසල සිටිනවා.' යැයි යමමොටෝ පවසන්නේ මහත් ආඩම්බරයෙනි. 

ශ්‍රී ලංකාව නිරූපණය කරන සැමුරායි සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති නමුත්, ස්පාඤ්ඤය නිරූපණය කරමින් නිර්මාණය වූ සැමුරායිට ස්පාඤ්ඤ වැසියන්ගෙන් විරෝධයක් එල්ල විය. ඒ, එම සැමුරායි 'බුල් ෆයිටර්' නැතිනම් 'ගොන්පොර' සටන්කරුවකු සිහි ගන්වන බැවිනි. පසුව ස්පාඤ්ඤය වෙනුවෙන් වෙනත් සැමුරායි නිර්මාණයක් කිරීමට යමමොටෝ ඇතුළු නිර්මාණකරුවන්ට සිදුවී තිබේ.
රටවල් 200 කින් තරගකරුවන් ඔලිම්පික් උළෙලට සහභාගී වන අතර, රටවල් 80 ක ධජ ඇසුරින් එම රටවල් සඳහා සැමුරායිවරුන් 80 දෙනකු සිතුවම් කර තිබේ.

සැමුරායිවරුන් ජපානයේ අභිමානයයි. ඇනිමේ Anime කාටූන් සහ චිත්‍රකතා කලාවේ ආරම්භය ද ජපානයයි. අදටත් වයස් භේදයකින් තොරව මෙන්ම කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට පමණක් ආදී වශයෙන් ඇනිමේ Anime චිත්‍රකතා සහ කාටූන් නිර්මාණය වන අතර, ඒවා ඉංග්‍රීසි ඇතුළු ලොව විවිධ භාෂාවලට පරිවර්තනය වෙයි. 

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom