නෝර්වේජියානු තානාපති කාර්යාලය අලුත් තැනකට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 7, 2021

නෝර්වේජියානු තානාපති කාර්යාලය අලුත් තැනකට

ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වේජියානු තානාපති කාර්යාලය කොළඹ 02, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවතේ පිහිටි එම්.2.එම්. ගොඩනැගිල්ල වෙත රැගෙන ගිය එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය මීට පෙර පිහිටියේ කොළඹ 07, බුලර්ස් පටුමගේ ය. ‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් ඕනෑම කොන්සියුලර් කාරණයක් සඳහා කාලය වෙන්කරවා ගැනීම අත්‍යාවශ්‍ය වන බව ද තානාපති කාර්යාලය සඳහන් කරයි. 

තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමට එහි නිත්‍ය දුරකතන අංකය වන +94 115 608 700 හෝ emb.colombo@mfa.no/ consular.colombo@mfa.no යන විද්‍යුත් තැපැල් ලිපින භාවිත කළ හැකි යැයි ද තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කියයි.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad