රෝහලේ සිට යාඥා මෙහෙය පවත්වයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 11, 2021

රෝහලේ සිට යාඥා මෙහෙය පවත්වයි

උදරයේ සැත්කමකට භාජන කෙරුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඔහු ප්‍රතිකාර ලබන රෝමයේ ජිමෙලි ශික්ෂණ රෝහලේ සඳලු තලයේ සිට ඉරිදා යාඥා මෙහෙය පැවැත්වීය. 

84 හැවිරිදි පාප්තුමන් උදරයේ සැත්කමට භාජන කෙරුණේ මීට සතියකට පෙර පසුගිය 4 වැනිදාය. පාප්තුමන්ගේ මහ බඩවැලේ අග සිහින් වීමක් හේතුවෙන් සැත්කම සිදු කෙරුණි.

පාප්තුමන් උදරයේ ආබාධයකින් පෙළෙන්නේ 2014 වසරේ සිටය. සාමාන්‍ය නිර්වින්දන තත්ත්වයක් යටතේ සැත්කම සිදු කෙරුණු බවත් ඊට පැය කීපයක් ගතවුණු බවත් වතිකානය එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

සැත්කමින් පසු පාප්තුමන් වෛද්‍ය අධීක්ෂණය යටතේ දින කීපයක් රෝහලේ සිටිනු ඇති බව වතිකානය නිවේදනය කළේ පසුගිය 5 වැනිදාය. 

පාප්තුමන් ඉරිදා යාඥා මෙහෙය පවත්වද්දී රෝහල ඉදිරිපිටට රැස්වුණු කතෝලික බැතිමතුන් සිය ගණනක් දෙනා පාප්තුමන්ට දීර්ඝායු පතන්න වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තමන් සුවෙන් සිටින රැස්වුණු පිරිසට පාප්තුමා පැවැසීය. සැත්කම සිදු කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමට ද පාප්තුමා අමතක නොකළේය.

පාප්තුමන් රෝහල් සඳළු තලයේ යාඥා මෙහෙය පැවැත්වූයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කුඩා දරු දැරියන් කීප දෙනකු ද පිරිවරා ගනිමිනි. තමන්ට තව දින කීපයක් රෝහලේ රැදී සිටීමට සිදුවනු ඇති බවත්, තමන්ට රෝහලෙන් පිටවී යෑම තීරණය කරන්නේ වෛද්‍යවරුන් බවත් පාප්තුමන් වැඩි දුරටත් කියා සිටියේය.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom