බ්‍රැන්සන්ගේ වික්‍රමය සාර්ථකයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 12, 2021

බ්‍රැන්සන්ගේ වික්‍රමය සාර්ථකයි

බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණියේය. බිලියනපතියකු වන 70 හැවිරිදි බ්‍රැන්සන් මෙම වික්‍රමය කළේ ඔහුගේ ඇමෙරිකාවේ පිහිටා ඇති 'වර්ජින් ගැලැක්ටික්' සමාගම නිපදවූ 'වර්ජින් ස්පේස්ෂිප් යුනිටි' නමැති සුපර්සොනික් ගගන යානයෙනි.

'වර්ජින් ගැලැක්ටික්' සමාගම මෙම ගගන යානය නිපදවා ඇත්තේ අතමිටසරු ඕනෑම අයකු අභ්‍යවකාශය අද්දරට ගෙන ගොස් ගගනගාමියකු ලබන අත්දැකීම ලබා දී ආපසු පොළොවට රැගෙන ඒමටය. බ්‍රැන්සන්ගේ මෙම ඓතිහාසික ගමන සජිවීව වෙබ් නාළිකා ඔස්සේ විකාශය කිරීමට ද කටයුතු යොදා තිබුණි.
බ්‍රැන්සන් සමඟ අභ්‍යවකාශට ගොස් ආපසු ආ පිරිස 6 කි. එයින් දෙදෙනකු කාන්තාවන්ය. ඉන් එක් අයකු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ උපත ලබා ඇමෙරිකාවේ හැදී වැඩුණු ශ්‍රීෂා බණ්ඩාලාය. අභ්‍යවකාශයට යෑමත්, ආපසු පැමිණීමත් සිදුවූයේ පැයක තරම් කෙටි කාලයක් ඇතුළතය. 

 අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණය සහ පෞද්ගලිකකරණය කිරීමේ පළමු පියවර ලෙස බ්‍රැන්සන්ගේ මෙම වික්‍රමය සැලකෙයි. ඒ අනුව මේ වනවිටත්, දින දෙකක කෙටි පුහුණුවකින් පසු, 'වර්ජින් ගැලැක්ටික්' සමාගම සමඟ එක්වෙමින් ගගන සංචාරවල නියැළීමට ලොව කෝටිපතියන් 600 කට වැඩි පිරිසක් මුදල්ගෙවා ලියාපදිංචි වී අවසන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කර තිබේ. සැන්ටා ෆේ නුවරදීය

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom