බංග්ලාදේශ වැසියෝ කොරෝනා ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංගනය කරමින්, 'රානී' නැමැති මෙම පුංචි එළදෙන නැරඹීමට පොරකන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රානීගේ බර කිලෝ ග්‍රෑම් 28 කි. රානී මාස 23 ක් වයස බුරුම එළදෙනක යැයි පැවැසෙයි. රානී ජීවත් වන්නේ ඩකා අගනුවරට නුදුරින් චාරිග්‍රාම් ප්‍රදේශයේ ගොවිපොලකය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මේ වනවිට බංග්ලාදේශය මුළුමනින්ම ලොක්ඩවුන් කර තිබේ. එසේ වුවත් ඊයේ (8) දිනයේ පමණක් රානී බැලීමට ඇය ජීවත් වන ගොවිපොලට 15,000 කට වැඩි පිරිසක් පැමිණි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Stay Safe
Jul 9, 2021
Classified_Ad


