ඔලිම්පික් යන ජිම්නාස්ටික් ශූරිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 9, 2021

ඔලිම්පික් යන ජිම්නාස්ටික් ශූරිය

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන ඇය මිල්කා ගෙහානි ද සිල්වා ය. ඇය ජිම්නාස්ටික් ශූරියකි. පිලියන්දල උපන් මිල්කා මේ දිනවල සිටින්නේ ජපානයේය. ඇය ජපානයේ සුකහාරා ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේ පුහුණුවීම් කරයි. 'ඔලිම්පික් උළෙලට තේරෙනවා කියන්නේ ඕනෑම කෙනකුගේ සිහිනයක් සැබෑවීමක්. මට එය දරා ගන්න බැරි තරම් සතුටක්' යැයි මිල්කා කියයි. 

ඔලිම්පික් උළෙලට මාව තෝරාගත් පුවත මුලින්ම කතා කරලා කීවේ මගේ තාත්තා. මට ඒක පුදුමයක් වගේම සතුටක් වුණා. ඒක කුඩා කාලයේ පටන් කළ කැපවීම්වල ප්‍රතිඵලයක්. මම ලංකාවේ සිට ජපානයට ආවේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් දස්කම් පෙන්නූ නිසා, ක්‍රීඩා ශිෂ්‍යත්වයකින්. 

මගේ පුහුණුකරු රංගන තරංග මහතා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ මඟපෙන්වීම මට ලැබුණා. ජපානයේ ජිම්නාස්ටික් පුහුණුකරුවකු වන කුගිමියා මුනෙහිරො මහතාත් එහිදී මට ලොකු සහයෝගයක් ලැබුණා. 

ජපානයට එද්දී මට අවුරුදු 16 යි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අවුරුද්දෙ තමයි ලංකාවෙන් ආවේ. මම අධ්‍යාපනය ලබමින් හිටියේ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ.
ජිම්නාස්ටික්වලට මම ආසා හුඟක් අය ඊට යෙමු නොවෙන නිසයි. ජනප්‍රිය ක්‍රීඩාවලින් ඔබ්බට ගිහින් කවුරුත් නොදන්නා ක්‍රීඩා ඉසව්වකින් ඉදිරියට යන්නයි මට ඔ්නෑ වුණේ. ජිම්නාස්ටික් තෝරා ගත්තේ ඒ නිසයි. 

ජිම්නාස්ටික් සඳහා යොමු වෙද්දී මට අවුරුදු 7 ක් විතර ඇති. ජිම්නාස්ටික් ප්‍රගුණ කරන්න මාව දිරිමත් කළේ මගේ තාත්තා සහ අම්මා. මට ඕනෑ හැමදේම එයාලා මට දුන්නා. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. එයාලා අමතක කරන්න බැහැ. මාව උනන්දු කරන්න ඒ දෙන්නත් ඉන්නවා. 

ජපානයට එන්න කලින් මා විදෙස් සංචාරවලට එක්වුණා. ක්‍රීඩා ඉසවු සඳහා. එහෙම නිවසින් පිට හිටියේ මාසයයි හෝ දෙකයි. 

එත් දැන් තාත්තා අම්මා නංගිලා දාලා මම දැන් ජපානයට ඇවිල්ලා. එයාලා දාලා එන්න මට පහසුවක් වුණේ නැහැ. උපන් රට දාලා එන්න ලැබීම දුකක්. ඒත් මම අනාගතය ගැන හිතලයි තීරණය ගත්තේ. මං ධෛර්යමත්ව කටයුතු කළා. එදා ගත්තු තීරණය වැරදුණේ නැහැ දැන් මට තේරෙනවා. 
2017 සහ 2018 වසරවල මම ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ජාතික ශුරිය බවට පත් වුණා. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ සිරුරේ සමතුලිතතාව පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. ආහාර ගැනීම පාලනයක් ඇතිව කළ යුතුයි. ඒ වගේම හැමදාම වගේ බර කිරා බැලීමක් කරනවා. නියමිත ප‍්‍රමාණයට වඩා ශරීරයේ බර වැඩි වෙන්න දෙන්නෙ නැහැ. නියමිත බර පවත්වා ගෙන යන්න ඕනෑ. 

ඡායාරූප - මුහුණු පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom