සංචාරක කර්මාන්තය පණගන්වන්න පියවර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 31, 2021

සංචාරක කර්මාන්තය පණගන්වන්න පියවර

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය නැවත පණගැන්වීමේ පියවරක් ලෙස මෙරට ‘කොවිඩ්’ මර්දන එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව සෙසු රටවල් දැනුවත් කරන බවත් ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් මෙරට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරගැනීමට සම්බන්ධයෙන්, එම රටවල් සමඟ වෙන්වෙන්ව සාකච්ඡා කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැහැදිලි කර තිබේ. 

ඉලක්කගත වැඩසටහනක් යටතේ සංචාරක කර්මාන්ත නැවත යථා තත්වයට පත්කිරීමට රජය පහසුකම් සැළසීමට සූදානම් බව කී මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ යුද සමයේ දී ද මේ ආකාරයටම සංචාරක කර්මාන්තට බලපෑම් එල්ල වූ බවත් එම අවස්ථාවේදී ද එම අභියෝගය ජය ගැනීමට සමත් වුණු බවත්ය. 

වසංගත තත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යෑමෙ සඳහා විවිධ සහන පැකේජ හදුන්වා දී ඇති බවත් ඒවා අධ්‍යනය කර ශ්‍රී ලංකාව ද තරගකාරී සහජ පැකේජ ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත නැවත සක්‍රීය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom