ටෝකියෝ ආසාදිතයන් වැඩිවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 28, 2021

ටෝකියෝ ආසාදිතයන් වැඩිවෙලා

ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ අගනුවර 'කොවිඩ් 19' ආසාදිතයන් යළිත් වරක් ඉහළ යෑමට පටන්ගෙන ඇතැයි ජපාන සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

ගතවුණු පැය 24 ඇතුළත ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් නව ආසාදිතයන් 2,848 ක් වාර්තා වී තිබේ.ෙ ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ආසාදිතයන් 2,500 කට වඩා වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. 

පසුගිය 2020 වසරේ 'කොවිඩ් 19' වයිරසයේ ආරම්භයත් සමඟ මේ වනවිට ටෝකියෝ අගනුවරින් පමණක් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 2 ඉක්මවා ඇත. 

වසරක ප්‍රමාදයකින් පසු '2020 ටෝකියෝ ඔලිම්පික්' උළෙල ආරම්භ වූයේ පසුගිය 23 වැනිදාය. සියලු ක්‍රීඩා ඉසවු පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍ය නීතිරීතිවලට අනුවය. ක්‍රීඩකයන් සියලු දෙනා දිනපතා 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු කරන බව ද පැවැසෙයි. ක්‍රීඩා තරග පැවැත්වෙන්නේ ප්‍රේක්ෂකයන් නොමැතිවය.

෴ උපුටා ගැනීම - AP

Classified_Ad

Classified_Ad_News_Bottom