නරඹන්නන් නැතිව ඔලිම්පික් පැවැත්වෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 8, 2021

නරඹන්නන් නැතිව ඔලිම්පික් පැවැත්වෙනවා

ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන ජූලි 12 වැනිදා සිට අගෝස්තු 22 දක්වා නරඹන්නන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබේ. 

ජපානයේ ඔලිම්පික් කටයුතු සම්බන්ධ අමාත්‍ය ටමායෝ මරුකාවා පවසා ඇත්තේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවුණු බවය. ඒ අනුව, ක්‍රීඩාංගනවල නරඹන්නන් නොමැතිව ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනු ඇත. 

ටෝකියෝ නුවර කේන්ද්‍ර කොට ගනිමින් ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 2020 දීය. කෙසේ නමුත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය මෙම 2021 වසරට කල් දැමුණි. 

මේ වනවිට ටෝකියෝ අගනුවරින් යළිත් වරක් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ඒ අනුව, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගනිමින්, විදෙස් ක්‍රීඩකයන් ද ආරක්ෂා කර ගනිමින් විශේෂ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයකට අනුව මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙනු ඇත.

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom