ටියුනීසියා ජනපති පාර්ලිමේන්තුව අත්හිටුවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 26, 2021

ටියුනීසියා ජනපති පාර්ලිමේන්තුව අත්හිටුවයි

ටියුනීසියා අග්‍රාමාත්‍ය හිචාම් මිචීචී ධුරයෙන් ඉවත් කරමින්, පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ටියුනීසියා ජනාධිපති කායිස් සායීද් කටයුතු කර තිබේ. 

අරාබි වසන්තයෙන් පසු, ටියුනීසියානු ජනතාවට නිදහසේ ජීවත් වීමටත් යහපාලනයක් ඇති කිරීමටත් නව ව්‍යවස්ථාවක් සකස් කෙරුණි.  ඒ, 2014 වසරේදීය. 

එම ව්‍යවස්ථාව අනුව ජනාධිපති, අගමැති සහ පාර්ලිමේන්තුව අතරේ බලය විමධ්‍යගත කෙරුණි. කෙසේ නමුත්, ටියුනීසියා වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හෝ ඔවුන් අපේක්ෂා කළ යහපාලනය ඇති කිරීමට හෝ ඒම නව ව්‍යවස්ථාවට හැකියාවක් ලැබුණේ නැත. 

රට දිනෙන් දින ආර්ථික අර්බුදයකට ලක්වුණු අතර, මූල්‍යමය වශයෙන් කඩා වැටීමක් ද පෙන්නුම් කළේය. 'කොවිඩ් 19' වසංගතය හමුවේ ආර්ථික අර්බුදය වඩාත් නරක අතට හැරුණේ ටියුනීසියා වැසියෝ බොහෝ දෙනකුට රැකියා අහිමි කරමිනි. 

ටියුනීසියා අග්‍රාමාත්‍ය මිචීචී ප්‍රමුඛ රජයට 'කොවිඩ් 19' වසංගතය පාලනය කිරීමටත්, ආර්ථිකය නිසි ලෙස කළමණාකරනය කිරීමටත් නොහැකි බව පෙන්වා දෙමින් පසුගිය මාස කිහිපය පුරා ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ටියුනීසියානු සෞඛ්‍ය ක්ෂේත්‍රය ද මුළුමනින්ම කඩා වැටීමකට ලක්වී ඇති බව ජනතාව චෝදනා නගයි. විරෝධතා උත්සන්න වෙද්දී, ජනාධිපති සායීද් කියා සිටියේ තමන් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කර වෙනත් සුදුස්සකු එම ධුරයට පත් කරන බවය. 

ඒ අනුව, ජනාධිපති සායීද් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටවූ අතර සියලු විධායක බලතල ඔහු අතට ගත්තේය. ජනාධිපති සායීද් අග්‍රාමාත්‍ය මිචීචී ධුරයෙන් ඉවත් කිරීම සහ රජයේ කටයුතු අත්හිටුවීම සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදය මෙන්ම විරෝධයක් ද එල්ල වී ඇත.

පාර්ලිමේන්තු කතානායක රාචෙඩ් ගනොව්ච්චී ජනාධිපතිවරයාට දොස් නගමින් පවසා ඇත්තේ ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවය. 

මේ අතර ටියුනිස් අගනුවර අල් ජසීරා පුවත් කාර්යාලයට කඩා වැදුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සෝදිසි මෙහෙයුමක යෙදුණු බවත්, ටියුනීසියානු පාර්ලිමේන්තුව අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට සහාය දක්වන පිරිස් සහ ජනාධිපතිය සහාය දක්වන පිරිස් අතරේ දරුණු ගැුටම් හටගත් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

෴ උපුටා ගැනීම - Aljazeera

Classified_Ad

Classified_Ad_News_Bottom