UNICEF සංවිධානයෙන් භූතානයට පැසැසුම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 27, 2021

UNICEF සංවිධානයෙන් භූතානයට පැසැසුම්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ විදේශවලින් පරිත්‍යාග ලෙස ලැබුණු 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් නිසි ලෙස කළමණාකරනය කර ගනිමින්, ඒවා රට වැසියන්ට ලබා දීමට භූතාන රජය කටයුතු කිරීම යුනිසෙෆ් UNICEF සංවිධානයේ පැසැසුමට හේතු වී තිබේ. 

භූතානයට පළමුවෙන්ම 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 'වැකිසින් මෛත්‍රී' වැඩසටහන යටතේය. ඉන්පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහා ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත් භූතානයට ප්‍රදානය කෙරුණි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහා එන්නත් බෙදා දීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් 'යුනිසෙෆ්' සංවිධානයේ සහාය ඇතිවය. භූතානය යනු චීනයටත් ඉන්දියාවටත් මැදිව හිමාලයේ පිහිටි බෞද්ධ රාජ්‍යයකි. 

පරිත්‍යාග ලෙස භූතානයට ලැබී ඇත්තේ ඇස්ට්‍රාසෙනකා, ෆයිසර් සහ සයිනෝෆාම් එන්නත්ය. පරිත්‍යාගවලට අමතරව, භූතාන රජය ඇමෙරිකාවෙන් 'ෆයිසර්' එන්නත් ලක්ෂ දෙකක් මිලදී ගැනීමට ද කටයුතු යොදා තිබේ. එම එන්නත් ලැබීමට නියමිතව ඇත්තේ මෙම වසර අවසානයේය. භූතානයේ සිටින්නේ වෛද්‍යවරුන් 37 දෙනකු පමණි. 

භූතාන අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලෝටේ ෂෙරිංග් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන ඔහු සතියට දින කීපයක් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම ද සිදු කරයි. පසුගිය සති අන්තයේ පමණක් භූතානය එරට සියලුම වෛද්‍යවරුන්ගේ දහාය ඇතිව 4,70,000 කට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් කළ බව ද විදෙස් පුවත් සේවා පවසයි.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom