රුවලක් ඇති නදී රකුසා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 10, 2025

රුවලක් ඇති නදී රකුසා


ටයිරැනසෝරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස් ටී රෙක්ස් මෙන්ම බිහිසුණු ඩයිනසෝරයකු ලෙස සැලකිය හැකි තවත් දැවැන්තයකු වන්නේ ස්පයිනෝසෝරස්ය. ජුරාසික් වර්ල්ඩ් රීබර්ත් චිත්‍රපටයේ දකින්න ලැබෙන ඩයිනසෝරයන් අතරින් කැපී පෙනෙන ඩයිනසෝරයකු වන්නේ නදී රකුසකු ලෙස ද සැලකෙන ස්පයිනෝසෝරස්ය. 

ජුරාසික් වර්ල්ඩ් රීබර්ත් චිත්‍රපටයේ, ස්පයිනසෝරස් රංචුවක් දකින්න ලැබෙන අතර, උන් දඩයම් කරන්නේ මුහුදේ කිමිදෙමිනි. ස්පයිනෝසෝරස් ජීවත් වූයේ, ක්‍රිටෙයිසීය යුගය අවසානයේ එනම්, වසර මිලියන 112 ත් 97 ත් අතර කාලයේ යැයි පොසිල විද්‍යාඥයෝ පවසති. 

විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වූ ස්පයිනෝසෝරස් පොසිල අස්ථි හමුවී ඇත්තේ උතුරු අප්‍රිකාවෙනි. අතීතයේ ස්පයිනෝසෝරස් ජීවත් වූයේ වගුරු ආශ්‍රිතවය. පොසිල විද්‍යාඥයන් ස්පයිනෝසෝරස් විශේෂ දෙකක් මේ වනවිට හඳුනාගෙන ඇත. ඒ, ස්පයිනෝසෝරස් ඊජිප්ටිකස් Spinosaurus aegyptiacus සහ ස්පයිනෝසෝරස් මැරොක්කානුස් Spinosaurus maroccanus යනුවෙනි. 

ස්පයිනෝසෝරස් යන වදනෙහි අරුත කටුස්සා යන්නය. පොසිලි විද්‍යාඥයන්ට ස්පයිනෝසෝරස් පොසිල අස්ථි කොටස් විටින් විට හමුවෙද්දී, ඔවුන්ට ප්‍රහේලිකාවක් වූයේ කශේරුකාවේ ඇති කටු වැනි අස්ථිය. මෙතෙක් විද්‍යාඥයන්ට සියයට 100 ක් සම්පූර්ණ ස්පයිනෝසෝරස් අස්ථි හමුවී නැත.

එබැවින්, ස්පයිනෝසෝරස් මොන වගේදැයි හඳුනා ගැනීමට වසර ගණනක් ගත විය. කශේරුකාවේ ඇති අඩි 7 (මීටර් 2.1) ක් තරම් කටු වැනි අස්ථි අනුව, ස්පයිනෝසෝරස්ගේ පිටේ රුවලක් තිබුණු බව විද්‍යාඥයන් දැන් තහවුරු කරගෙන ඇත. කිඹුලකුගේ වැනි මුහුණක්, වල්ගයක් සහ රුවලක් ඇති බැවින් සත්වයකු බැවින් ස්පයිනෝසෝරස්, අනෙක් ඩයිනසෝරයන් අතරින් කැපී පෙනෙන ඩයිනසෝරයෙක් ලෙස සැලකෙයි. 

ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි

Classified_Ad