සිල්වර් ෆෙසන්ට් සැවුලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 10, 2025

සිල්වර් ෆෙසන්ට් සැවුලා

සිල්වර් ෆෙසන්ට් (Lophura nycthemera) යනු ප්‍රධාන වශයෙන් අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර හා දකුණු චීනයේ කඳුකර ප්‍රදේශවල පිහිටි වනාන්තරවල දක්නට ලැබෙන පක්ෂි විශේෂයකි. සැවුලෙකි. තවත් පැහැදිලි කළොත් වළිකුකුළු විශේෂයකි. 

 අග්නි දිග ආසියාවේ සහ නැගෙනහිර සහ දකුණු චීනයේ ප්‍රධාන වශයෙන් කඳුකරයේ වනාන්තරවලත්, ආජන්ටිනාවට අයත් වික්ටෝරියා දූපතේ යෙල් හුවාපි විල ආශ්‍රිතවත් මොවුන් ජීවත් වෙයි. පිරිමි සතා කළු සහ සුදු වන අතර ගැහැණු සස්තා ප්‍රධාන වශයෙන් දුඹුරු වෙයි. 

ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම, රතු මුණක් සහ රතු පාද ඇත. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 120 ක් 125ක් පමණ වේ. ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා දිගින් හා උසින් අඩුය. ආයු කාලය වසර 15-25 පමණය.

 ලංකාවට ආවේණික පක්ෂියෙක් නොවූවත් දෙහිවල සත්ව උද්‍යානයේ සහ හන්තාන ජාත්‍යන්තර පක්ෂී උද්‍යානයේ දී ද සිල්වර් ෆෙසන්ට් සැවුලන් දැකිය හැක. 

මනීෂි මංජරී
National Geographic ඇසුරිනි

Classified_Ad