මගීන් ගෙන යෑම තාවකාලිකව නැවතිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 16, 2021

මගීන් ගෙන යෑම තාවකාලිකව නැවතිලා

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම තීරණය කර ඇත. 

ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙන යාම එදින තෙක් සිදු නොකෙරෙන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම කියා සිටී. 

කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයන්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.

පවතින කොවිඩ් නව ප්‍රභේද වාර්තා වීම් නිසා පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා බංග්ලාදේශය යන රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට ද අවසර ලබා නොදීමට එමීර් රජය ගත් තීරණ 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. 

Classified_Ad

Classified_Ad_News_Bottom