ලංකාව විදෙස් සහාය පතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jul 16, 2021

ලංකාව විදෙස් සහාය පතයි

sample-ad-complete-big
2021-07-16-2021
කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රී ලංකාවට විදෙස් රටවල සහය ලබා ගැනිමට මැදිහත් වන්නැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටින රටවල් හතක නේවාසික කොන්සල් ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 

කොළඹ නේවාසිකව සිටින පිලිපීනය, ඕස්ට්‍රේලියාව, බල්ගේරියාව, සී ෂෙල්ස්, ඉක්වදෝර් හා පෝලන්තය යන රටවල් නියෝජනය කරන කොන්සල්වරු පිරිස විදේශ අමාත්‍යංශයේදී විදේශ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කෙළේය. 

නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් සහිත ශ්‍රී ලංකා රජය විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් මිත්‍රශීලිව කටයුතු කරන නිසා ඒ ඒ රටවල සහය ලබා ගැනීමට පහසු වී ඇති බවත් ඒඅනුව ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යපාරික කටයුතු වලදී සහය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී එම කොන්සල් ජනරාල්වරුන් ගෙන් ඉල්ලා සිටියේය.

Classified_Ad