කැලිෆෝනියා ගුරුවරුන්ට කොරෝනා එන්නත අනිවාර්යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 14, 2021

කැලිෆෝනියා ගුරුවරුන්ට කොරෝනා එන්නත අනිවාර්යයි

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අනිවාර්ය යැයි කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සොම් පවසයි. 

ඒ අනුව, ඇමෙරිකාවේ ප්‍රාන්තයක ගුරුවරුන් සඳහා එන්නත් අනිවාර්ය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි. 

'කොවිඩ් 19 නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වෙන්න දෙන්න බැහැ. වයිරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට ද ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ. ඒ නිසා ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකායන් එන්නත ලබා ගැනීම අනිවාර්යයි. නැතිනම් දිනපතා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු වෙන්න සිදුවේවි.' යැයි කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සොම් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. 

මේ වනවිට ඇමෙරිකාවේ ජනගනයෙන් සියයට 75 කට වඩා වැඩි පිරිසකට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතත්, 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. 

ඇමෙරිකාවේ යළි කොරෝනා ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි. ඇමෙරිකාවේ රෝහල් ද යළි රෝගීන්ගෙන් පිරීමට පටන්ගෙන තිබේ. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ෆ්ලොරීඩා ජනපදයේ රෝහල් මේ වනවිටත් 'කොවිඩ් 19' ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති බවය. 

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom