අගමැති ඉම්රාන්ගෙන් චෝදනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 14, 2021

අගමැති ඉම්රාන්ගෙන් චෝදනා

ඇමෙරිකාවට, මේ මොහොතේ  පාකිස්තානය ඕනෑ වී ඇත්තේ, ඇෆ්ගනිස්තානය මුල්කොටගත් අර්බුදයේදී, ඇමෙරිකාව විසින් නිර්මාණය කළ 'අවුල් ජාලය' විසඳීමට පමණක් බවත් එසේ නැතිව පාකිස්තානය සමඟ කිසිදු හිතවත්කමක් ඇති නිසා නොවන බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇමෙරිකාව විවේචනය කරමින් පවසා තිබේ.

'පසුගිය වසර 20 පුරාවට ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින් මහා අවුල් ජාලයක් ඇති කළා. ඇමෙරිකාව සැමවිටට වඩා යහපත් සබඳතා ඇති කර ගත්තේ පාකිස්තානය සමඟ නොවේ, ඉන්දියාව සමඟයි. ඇෆ්ගන් තලේබාන්වරුන්ට පාකිස්තානය සහාය දෙනවා යැයි චෝදනා කරමින් පාකිස්තානය ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන රාජ්‍යයක් ලෙස හංවඩු ගැහුවා. ආධාර නැවැත්තුවා. ඒත් දැන් ඇමෙරිකන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු, ඇෆ්ගනිස්තානයේ අර්බුද විසඳන්න මැදිහත් වෙන්නැයි කියමින් ඇමෙරිකාව පාකිස්තානයෙන් උදවු ගන්න හදනවා.' යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙන්වා දී තිබේ.

පාකිස්තානයේ 'නිවුස් ඉන්ටර්නැෂනල්' පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් පැහැදිලි කළේ ඇමෙරිකාව ඇතුළු විදේශ රටවල සහාය සහ අනුග්‍රහයෙන් පිහිටුවූ ඇෆ්ගන් රජයට හෝ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානීට හෝ තලේබාන්වරුන් කැමැත්තක් නොදක්වන බවය. 

 මේ අතර ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් පවසා ඇත්තේ තලේබාන්වරුන් රටේ පාලනය අත්පත් කරගත්තොත් තමන් කිසිදු ආධාරයක් ඇෆ්ගනිස්තානයට ලබා නොදෙන බවය. 

ඇෆ්ගන් තලේබාන් සංවිධානය එරට බලය තහවුරු කර ගැනීම කලාපීය වශයෙන් පමණක් නොව, ගෝලීය වශයෙන් ද ආරක්ෂාවට විශාල තර්ජනයක් යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දී තිබේ. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ, ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අවස්ථාවේදීය. එම අවස්ථාවේදී, තලේබාන් ත්‍රස්තවාදීන්ට සහාය ලබා දෙනවා යැයි පාකිස්තානයට චෝදනා කළේය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom